අල්ලස් ගත් මහනුවර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලරීන් අද (05) පස්වරුවේ කළ වැටලීමකදී මහනුවර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු රුපියල් එක් ලක්ෂ පනස් දහසක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර කටුගස්තොට පාලම අසල ඩිජිටල් පුවරුවක් සවිකිරීම සඳහා මහනුවර මහ නගර සභාව මූලික අනුමැතියක් ලබාදී තිබේ.
එම කටයුතු කඩිනම් කිරීම සඳහා මෙම මන්ත්‍රීවරුන් පැමිණීලිකරුගෙන් මෙලෙස අල්ලසක් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමේ විමර්ශන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය සඳහන් කරයි.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක රථ ගාලකදී වන අතර අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
