බන්ධනාගාර කොවිඩ් ආසාදිතයින් තවත් ඉහළට
ගතවූ පැය 24 තුළ බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොවිඩ් ආසාදිතයින් 19 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් දෙදෙනෙකු නිලධාරීන් බවයි.
ඒ අනුව මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,122 ක් වන අතර ඉන් ආසාදිතයින් වැඩිම පිරිස වන ආසාදිතයින් 867 දෙනා වාර්තාවී ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයෙනි.
සෙසු ආසාදිතයින් පිරිස මැගසින් බන්ධනාගාරයෙන් ආසාදිතයින් 839 දෙනෙකු, මහර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 798 දෙනෙකු ,කොළඹ රිමාන්ඩ බන්ධනාගාරයෙන් 417 දෙනෙකු සහ මීගමුව බන්ධනාගාරයෙන් 334 දෙනෙකු ලෙස වාර්තා වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
