ක්‍රීඩා

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට

හෙට (07) සිඩ්නි හිදී සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය  ආරම්භවීමට නියමිත වේ.

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවක් වන රෝහිත් ශර්මා අබාධයක් හේතුවෙන් පළමු තරග දෙක සඳහා ක්‍රීඩා කිරීමට සහභාගී නොවු අතර හෙට පැවැත් වීමට නියමිත තරගය සඳහා තරග වැදදීමට අපේක්ෂාවෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ ශර්මාගේ අබාධය සම්පුර්ණයෙන් සුව වී නොමැති බවයි.

මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ ජය තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකි වූ අතර  දෙවන තරගයේ ජය ඉන්දියාව සතු කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *