දේශීය

තාවකාලිකව වසා දැමූ බෞද්ධ දහම් පාසල් නැවතත් විවෘත කිරීමට දින නියම වේ

කොවිඩ් වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දැමූ බෞද්ධ දහම් පාසල් නැවතත් විවෘත කිරීමට තීරණය කර ඇති  බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

හුදකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශයන්වල ඒ අනුව දහම් පාසල් විවෘත කිරීමට නියමිත වේ.

මේ මස 11 වන දා රජයේ පාසල් විවෘත කිරීමට නියමිත අතර ඉන්පසු එළඹෙන 17 වන ඉරිදා සිට දහම් පාසල් නැවත ආරම්භ කෙරෙන බව නිවේදනයේ සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *