දේශීය

නවතා තිබූ පාසල් ක්‍රිඩා තරග නැවැත ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

කොවිඩ් වෛරසය හේතුවෙන් නවතා තිබූ පාසල් ක්‍රිඩා තරග නැවැත ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් අද (06) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී රැස් විය.

කොවිඩ් වෛරසයේ වැඩි අවධානමක් බස්නාහිර පළාත පවතින බැවින් එම පළාතේ හැර අනෙකුත් පළාත්වල පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමේ හැකියාවක් ඇති බව අද පැවති සාකච්ඡාවෙදී සෞඛ්‍ය අමාත්‍යතවරිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහන් කර ඇත.

බස්නාහිර පළාත ඇතුලුව හුදකලා කර ඇති ප්‍රදේශවල ළමුන් කිසිදු ආකාරයකින් ක්‍රීඩා තරඟ සඳහා සම්බන්ධ නොකර ගතයුතු බවද එහිදී පෙන්වා දී ඇත.

එසේම කණ්ඩායම් ක්‍රීඩා, පාසල් බිග් මැච් තරගාවලි පැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ  වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් තොරව ක්‍රීඩා තරග පැවැත්වීම සුදුසු බවයි. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *