විදේශීය

ට්‍රම්ප්ගේ බල වියුරුවට ජීවිත 04ක් බිලි

පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම පරාජය දරා ගත නොහැකිව ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල නොහොත් ඇමරිකානු පාර්ලිමේන්තුවට තම ආධාරකරුවන් බලහත්කාරයෙන් ඇතුළු කර එහි ගැටුමක් නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපති ට්‍රම්ප් ජනතාව නොමග යැවීමට ක්‍රියාකර ඇති අතර ඒ හේතුවෙන් මේ වන විට ඔහුගේ ට්විටර් හා ෆේස්බුක් ගිණුම් තාවකාලිකව අවහිර කිරීමට අදාළ ආයතන පියවර ගෙන තිබේ.

ඊයේ (06) දිනයේ ආයුධ සන්නද්ධව ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් දහස් ගණනක් ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල‌ට ඇතුළු වී කලහකාරී ලෙස ක්‍රියාකර විශාල දේපල හානි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් මෙම තත්ත්ව පාලනය කිරීම සඳහා එරට පොලීසිය පියවර ගෙන ඇත.

මේ ගැටුමේදී 04 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද  වාර්තා වේ.

මේ වන විට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පිහිටි ප්‍රදේශයට ඇඳිරිනීති පැනවීමට ද ක්‍රියාකර තිබේ.

එළඹෙන ජනවාරි 20වන දා ඇමරිකානු නව ජනාධිපති ජෝ බයිඩ්න් සිය තනතුරු භාර ගැනීම සඳහා දිවුරුම් දීමට නියමිතව ඇති අතර එම උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ වන විට පරිහානියට පත්ව ඇති ඇමරිකානු පාර්ලිමේන්තු සංකීර්ණය තුලයි.

කෙසේවෙතත් ට්‍රම්ප් සඳහන් කරන්නේ මැතිවරණයෙන් තමා ලැබූ පරාජය භාරගත නොහැකි බව හා මෙම මැතිවරණය පිටුපස මහා වංචනික ක්‍රියා සිදුව ඇති බවයි.

මෙම වංචනික ක්‍රියාවන්ට එරෙහිව පෙල ගැසීමට අවශ්‍ය බව ට්‍රම්ප් තම ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *