දේශීය

119 අංකයට ව්‍යාජ තොරතුරු ලබාදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

119 පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා ව්‍යාජ තොරතුරු ලබාදී පොලීසිය නොමග යැවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ පසුගිය (05) දින අදාළ පුද්ගලයා විසින් එම අංකය අමතා ලබාදී තිබූ තොරතුර ව්‍යාජ තොරතුරක් වන අතර ඔහු විසින් පොලීසිය නොමග යැවීමේ අපේක්ෂාවෙන් එම ක්‍රියාව සිදු කර ඇති බවයි.

අදාළ පුද්ගලයා 40 හැවිරිදි දෙහිවල කල්දේරා පාර ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහු දීර්ඝ කාලයක් ඇමෙරිකාවේ සහ ඉරානයේ පදිංචිව සිට මෙරටට පැමිණ සිටින ලාංකිකයෙකි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *