ක්‍රීඩා

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තෙවන PCR පරීක්ෂණය අද

මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පසුගියදා දෙවන වරටත්  PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.

එංගලන්ත ක්‍රිකට් කාණ්ඩායමේ සාමාජිකයෙකු වන මොයීන් අලි කොවිඩ් ආසාදිතයෙකු ලෙස පසුගිය සඳුදා හඳුනාගැනීමෙන් අනතුරුව එම කාණ්ඩායමේ සෙසු සාමාජිකයින්වද PCR පරීක්ෂණ සඳහා යොමු කරන ලදි.

දෙවන වරට සිදු කරන ලද PCR පරීක්ෂණ ප්‍රතිඵල වලට අනුව අනෙක් කිසිඳු ක්‍රීඩකයෙක්හට වෛරසය ආසාදනය වී නොමැති බව වාර්තා වී ඇත.

කෙසේවෙතත් එම ක්‍රිඩකයින්හට  තෙවනවරටත් PCR පරීක්ෂණයක් අද (07) දිනයේ සිදු කිරිමට නියමිත අතර,  මේ වන විට  ඔවුන්ට පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට අවසර ලබා දී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *