කාණ්ඩ 4 ක් යටතේ ගුවන් මගීන් දිවයිනට ගෙන ඒමට සූදානම්
එළැඹෙන 21 වැනි දා ගුවන්තොටුපොළ විවෘත කිරීමත් සමග කාණ්ඩ 4 ක් යටතේ ගුවන් මගීන් දිවයිනට ගෙන ඒමට කටයුතු යොදා ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.
සංචාරකයින්, ශ්‍රී ලාංකික සිසුන්, විදෙස් ශ්‍රමිකයින් සහ විදෙස් ආයෝජකයින් එලෙස දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව එහි උපසභාපති රජිව් සූරියආරච්චි මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කළේ සංචාරකයින් සඳහා වනෝද්‍යාන විවෘත කරන්නේ ද පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
