දේශීය

කෑගල්ලේ නිවසක පැවති දානමය පිංකමකට සහභාගී වු 21දෙනෙකුට කොවිඩ්

සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව පසුගිය දෙසැම්බර් 29 වැනිදා කෑගල්ලේ නිවසක පැවති දානමය පිංකමකට සහභාගී වු 21 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (06) හඳුනාගෙන තිබේ.

ඊට සහභාගී වූ 04 දෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා සිදුකළ PCR පරීක්ෂණයෙන් ඔවුන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

ඒ අනුව සෙසු පිරිස PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමේදී ද ඔවුන්ගෙන් තවත් 17 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ සඳහන් කළේ මෙම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් දෙදෙනෙකුටත් ඊයේ කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගත් බවයි.

මේ අතර පොළොන්නරුව කදුරුවෙල නගරයේ ව්‍යාපාරිකයින් 8 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමග ඊයේ පස්වරුවේ සිට නගරයේ කොටසක් වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණි.

මේ වනවිට කදුරුවෙල නගරයේ ව්‍යාපාරිකයින් 20 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *