දේශීය

උතුරු මුහුදේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 124 ක් සමග දෙදෙනෙකු නාවික හමුදා භාරයට

උතුරු මුහුදේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 124කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

උතුරු නාවික විධානය කන්කසන්තුරේ, මයිලඩි ප්‍රදේශයට උතුරු දෙසින් මුහුදේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.

නාවික හමුදාව පැවසුවේ තොණ්ඩමනාරු දෙසට යාත්‍රා කරමින් තිබූ සැක සහිත ඩිංගි යාත්‍රාවක සිටි අදාළ පුද්ගලයින් මළු කිහිපයක් සැක කටයුතු ලෙස මුහුදට දමා පලා යාමට උත්සාහ කළ බවයි.

පසුව සැකකරුවන් දෙදෙනා සහ එම ඩිංගි යාත්‍රාව ද මුහුදට දමන ලද මළු 04ක් තුළ තිබූ කේරළ ගංජා තොගයද නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

සැකකරුවන් 27 හැවිරිදි සහ 31 හැවිරිදි වියේ පසුවන්නන් බවත් නෙල්ලිඅඩි සහ වැල්වැටිතුරේ පදිංචිකරුවන් බවටත් හඳුනාගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *