මුව ආවරණ නොමැතිව මාළු වෙළෙඳසැල් ආශ්රිත සිටි තිදෙනෙකුට කොවිඩ්
ගත වූ පැය 24ක කාලය තුළ මුව ආවරණ නොපැලඳ පොදු ස්ථානවල ගැවසුනු පුද්ගලයින් 377 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.
ඒ අතරින් 220 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට ලක් කළ ඇති අතර තවත් පුද්ගලයින් 157 දෙනෙකු පී.සී ආර් පරික්ෂණ සඳහා යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් තිදෙනෙකු කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති අතර පී.සී.ආර් පරික්ෂණවල ප්‍රතිඵල ලැබීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
පසුගිය අඟහරුවාදා සිට බස්නාහිර පළාත තුළ මුව ආවරණ නොපැලඳ පොදු ස්ථානවල ගැවසුණු පුද්ගලයින් 1,022 දෙනෙකු පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහිදී 19 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
මාළු ලෑලි ආශ්‍රිතව මේ වන විට 422 දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ඇති අතර ඉන් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
