බුත්තල යපස් නිධියේ යකඩ ටොන් මිලියන 86ක් තැන්පත් වී ඇත – භූ විද්‍යා හා පතල් කාර්යාංශය
බුත්තල, කූරප්පොල යපස් නිධියේ යකඩ ටොන් මිලියන 86ක් තැන්පත් වී ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය කළ පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.
එම යපස් නිධිය වර්ග කිලෝමීටර් 26 කින් යුක්ත බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊයේ (07) බුත්තල, කූරම්පොල සහ හලාවත, පනිරෙන්ඩාව යපස් නිධි කර්මාන්ත අමාත්‍යාංශයට භාරදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැතිවිණි.
එහිදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, බුත්තල , කූරම්පොල සහ හලාවත, පනිරෙන්ඩාව යපස් නිධියේ කැණීම් රජයේ වැඩපිළිවෙළක් යටතේ සිදු කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
