ට්‍රම්ප්ගේ පෞද්ගලික ට්විටර් ගිණුම ස්ථිරවම අත්හිටුවයි
වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික ට්විටර් ගිණුම ස්ථිරවම අත්හිටුවීමට ට්විටර් සමාගම විසින් පියවර ගෙන ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ට්විටර් ගිණුම මගින් පසුගිය කාලය තුළ සිදුකර ඇති ප්‍රකාශ පදනම් කර ගනිමින් එම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පසුගියදා ඇමරිකාවේ ඇති වූ ගැටුම්වලට සහය දැක්වූ පුද්ගලයින් දේප්රේමීන් ලෙස ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.
එම ගැටුමින් අනතුරුව පැය 12ක කාලයක් සඳහා ඔහුගේ ට්විටර් ගිණුම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබූ අතර ඊට පසුවද ඩොනල්ඩ් ජනාධිපතිවරයා විසින් ද්වේශ සහගත ප්‍රකාශ සිදුකර ඇති බැවින් ඔහුගේ ට්විටර් ගිණුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ට්විටර් සමාගම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
