දේශීය

ETI අධ්‍යක්ෂක මණ්ඩලය අද මහෙස්ත්‍රාත් අධිකරණයට

ඊයේ (08) අත්අඩංගුවට ගත් ETI අධ්‍යක්ෂක මණ්ඩලය අද (09) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය ඊයේ නීතිපතිගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණුනි.

ස්වර්ණමහල් ආයතනයේ සිදු වූ මූල්‍ය වංචාවක් හේතුවෙන් ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබූ අතර මේ වන විට ඔවුන් සිවු දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රකාශ ලබා ගනිමින් සිටින බව  පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *