දේශීය

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම විවෘතයි

වසර 3කට පසු පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව උපරිම මට්ටමට ළගා වෙමින් පැවති නිසා මෙම පියවර ගෙන ඇත.

වාන් දොරටු 10න් 08ක් අඩිය බැගින් සහ අනෙක් දොරටු 02 අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර එමගින් තත්පරයකට මුදා හැරෙන ජල ධාරිතාව ඝණ අඩි 1,620ක් වේ.

පොළොන්නරුව කලාප වාරිමාර්ග නිලධාරීන් සඳහන් කළේ මේ හේතුවෙන් පහත් බිම් ජලයෙන් යටවීමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිබඳව අධානයෙන් සිටින ලෙසයි.

මේ අතර පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයේ මාර්ගය අඩියක් පමණ ජලයෙන් යට වී ඇති බව ද පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *