දේශීය

ලාහුගල වනෝද්‍යානයේ නිධන් හෑරූ පුද්ගලයින් 08 ක් අත්අඩංගුවට

ලාහුගල වනෝද්‍යානය තුළ පුරාවිද්‍යා ස්මාරක පිහිටි ස්ථානයක නිධන් හෑරීමක් සම්බන්ධයෙන් ආරුගම්බේ විශේෂ කාර්ය බලකාය විසින් පුද්ගලයින් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් 6 දෙනෙක් හා අම්බලන්ගොඩ හා මාතලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්ව අදාළ සිද්ධියට මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ පිළිබඳ සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස ලාහුගල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී සංවිධානාත්මකව නිධන් හෑරීමේ කටයුත්තේ යෙදී ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පොතුවිල් පොලිස් ස්ථානයට භාර දී ඇති අතර පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරී 22 දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *