දේශීය

2020 වසර පුරාවට මිලියන 250ක මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

පසුගිය වසරේදී රුපියල් මිලියන 250ක් වටිනා මත්ද්‍රව්‍ය සහ මත්පෙති අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

2019 වසරේදී මිලියන 140ක මත්ද්‍රව්‍ය සහ මත්පෙති ද  2020 වසරේදී මිලියන 250 මත්ද්‍රව්‍ය සහ මත්පෙති අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කරයි.

විශේෂයෙන්ම කුරියර් පාර්සල් සහ මධ්‍යම තැපැල් හුවමාරුව හරහා මෙම මත්ද්‍රව්‍ය සහ මත්පෙති ගෙන ඒමට ජාවාරම්කරුවන් කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *