දේශීය

2021 පාසල් හෙටින් ඇරඹේ

2021 වර්ෂය සඳහා පාසල් හෙට (11) දිනයේ සිට ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශ සඳහා පමණි.

02 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාෂ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කර සිටියේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදුවන්නේ ද යන්න පිළිබඳව දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩි අවධානයක් යොමු කරමින් සිටින බවයි.

කෙසේවෙතත් වව්නියාව නගරයේ පාසල් හෙට දිනයේ පාසැල් ආරම්භ නොවන අතර තවත් සතියක පමණ කාලයක් පාසල් වසා දමා දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත යුතු බවත් ඉන් පසුව පාසල් ආරම්භ කිරීමට කටයුත් කරන බවත්  වව්නියාව කලාප අධ්‍යාපන කාර්යාලය සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *