විදේශීය

ඇමෙරිකාවට කොකේන් යැවීමට උදව්කළ හොන්ඩුරාස් ජනපතිට චෝදනා

ඇමෙරිකාව තුළට කොකේන් මත්ද්‍රව්‍ය යැවීමට උදව්කළ බවට හොන්ඩුරාස් ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

හොන්ඩුරාස් ජනාධිපති ජුවාන් ඔර්ලන්ඩෝ හර්නැන්ඩස් ඇමෙරිකාවට කොකේන් යැවීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට උදව්කර ඇති බවට ඇමෙරිකානු ෆෙඩරල් පරීක්ෂකයින් චෝදනා කරයි.

ඒ සඳහා ඔහු විශාල අල්ලසක් ලබාගෙන ඇති බවට ද තොරතුරු හෙළිවී ඇති අතර එම ගනුදෙනු 2013 සහ 2014 වසරවල සිදුව ඇති බව අධිකරණයට ඉදිරිපත් කළ තොරතුරුවල දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *