දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි
උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකිය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇති වේ.
උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40 – 50 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
