පිල්ලයාන්ට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගනී
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ට එරෙහි නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව අද (11) මඩකලපුව අධිකරණයට දැනුම් දී ඇත.
චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු 5 දෙනෙකුට එරෙහිව එම නඩුව ගොනුකර තිබුණි.
මඩකළපුව මහාධිකරණයේදී නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බවයි.
අදාළ නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේ දී නීතිපති දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත්තේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බවයි. එසේම ලබන බදාදා මහාධිකරණයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට ද නියමිතවේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
