විදේශීය

පෘතුගාල ජනාධිපතිටත් කොවිඩ්

පෘතුගාල ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

එරට ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

72 හැවිරිදි ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා සිය නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

මේ වන විට පෘතුගාලයෙන් කොවිඩ් ආසාදිතයින් 489,293 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 7,925ක් සිදුව ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *