දේශීය

වැලිකඩ තිදෙනෙකුගේ වැඩ තහනම්

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු නිත්‍යානුකූල නොවන ආකාරයෙන් මුදාහැරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකවරයෙකුගේ සහ ජේලර්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාව මත අදාළ සිරකරු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිට ඇති අතර ඔහු පසුගිය 25 වැනිදා බන්ධනාගාර නිලධාරීන්ගේ උපකාරය ඇතිව ඉන් පිටව ගොස් ඇති බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තු මට්ටමින් ද පරීක්ෂණයක් සිදුකර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තු මට්ටමින් සිදුකළ පරීක්ෂණයට අනුව එම රැඳවියාට බන්ධනාගාරයෙන් පළායාම සඳහා ජේලර්වරුන් දෙදෙනෙකු සහ නියාමකවරයෙකු සහයෝගය ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *