දේශීය

නීතිවිරෝධීව ගෙනා වාහන 12 ක් රේගු භාරයට

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද වාහන 12 ක් රේගු භාරයට ගෙන තිබේ.

එම වාහනවල වටිනාකම රුපියල් මිලියන 55 කට අධික බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කරයි.

ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ තිබු කන්ටේනර් තුනක් පරීක්ෂාවට ලක් කිරීමේදි එම වාහන සොයා ගෙන ඇත.

විදේශීය මහ කොමසාරිස් කාර්යාලක නිලධාරියෙකුගේ නමට ව්‍යාජ ලෙස මෙම වාහන ගෙන්වා තිබුණේ විදුලි ජනක යන්ත්‍ර කොටස් ගෙන්වන මුවාවෙනි.

සිද්ධිය සම්බන්යෙන් සිදු කරන විමර්ශන අතරතුර අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව සුනිල් ජයරත්න මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *