පළාත් කිහිපයකට අදත් වැසි
උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර උතුරු, නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකිය.
සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදේ කාලයේ දී වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු සහ උතුරු මැද පළාත්වල සුළඟේ වේගය පැ.කි.මී 40 -50ත් අතර වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
