දේශීය

ව්‍යාජ ලිපිලේඛන සකසා කුලී වාහන විකුණන ජාවාරමක් පොලීසිය වටලයි

වාහන කුලියට දෙන ස්ථාන වෙත ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ඉන් වාහන ලබා ගෙන පසුව ව්‍යාජ ලිපි ලේඛන සකසා එම වාහන තවත් පාර්ශවයන්ට අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකළ ස්ථානයක් පොලීසිය විසින් වටලා තිබේ.

මුල්ලේරියාවේ පිහිටි එම ස්ථානය වටලා මෝටර් රථ 16ක් සහ එක් වෑන් රථයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මුල්ලේරියාව පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට පත්ව ඇත්තේ යක්කල සහ මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

එම පුද්ගලයින් විසින් ව්‍යාජ හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර සහ විදුලි බිල්පත් වාහන කුලියට දෙන ආයතන වෙත ඉදිරිපත් කර වාහන කුලියට ගෙන ඒවායේ එන්ජින් අංක වෙනස් කර හෝ කැබලි කර විකුණන බව පොලීසිය විසින් ආනාවරණය කර ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන මුල්ලේරියාව පොලීසිය සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *