පිල්ලෙයාන් නිදොස්කොට නිදහස්
ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවෙන් පිල්ලෙයාන් ඇතුළු 5 සැකකරුවන් 5 දෙනා මඩකලපු මහාධිකරණය නිදොස්කොට නිදහස් කර තිබේ.
අද (13) මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩී. එස්. සූසෙයිදාසන් මහතා හමුවේ අදාළ නඩුව කැඳවනු ලැබීය.
පිල්ලෙයාන් ඇතුලු මෙම විත්තිකරුවන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව පසුගිය 11 වනදා මෙම නඩුව කැඳවු අවස්ථාවේදී නීතිපති දොපර්තමේන්තුව අධිකරණයට දැනුම්දෙන ලදි.
ඒ අනුව විත්තිකරුවන් 5 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය නියෝග කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
