දේශීය

සිද්ධික්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද රුපියල් එක් කෝටි 26 ලක්ෂයකට අධික මුදලක් සහ පවුම් 40ක ස්වර්ණාභරණ සමග ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත  කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සැකකරුවන්ගේ නිවසේ බෑගයක තිබී මෙම මුදල් සහ ස්වර්ණාභරණ තොගය සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් එක් තැනැත්තෙක් ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිද්ධික් නමැත්තාගේ ගෝලයෙකු බවට අනාවරණය වී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *