ක්‍රීඩා

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි

අද පැවැත්වෙන ශ්‍රී ලංකා හා එංගලන්ත පළමු ටෙස් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වී ඇති අතර ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කර ඇත.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වී තිබේ.

තරග පුහුණුවීම් අතරතුර නායක දිමුත් කරුණාරත්න ආබාධයකට ලක් වී ඇති අතර ඒ හේතුවෙන් ඔහුට අද තරග අහිමි විය.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව ඇත.

දෙරට අතර ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිත වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *