දේශීයවිදේශීය

ලංකාව ඇතුළු රටවල් 11කට ජපානයට ඇතුළුවීම තහනම්

අද (14) සිට ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක ජනතාවට ජපානයට ඇතුළුවීම තහනම් කර ඇත.

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එරට දේශසීමා ප්‍රතිපත්තිවල වෙනසක් සිදු කරමින් මෙම තහනම පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපානයේ ටෝකියෝ, ඕසාකා ඇතුළු නගර කිහිපයකට හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත්කර ඇති අතර ඊයේ තවත් නගර කිහිපයක හදිසි තත්වයන් ප්‍රකාශ කර තිබේ.

මෙලෙස හදිසි තත්ත්වයන් පැනවීම හේතුවෙන් ශ්‍රි ලංකාව, තායිවානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව,මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු රටවල්වල ජනතාවට  ජපානයට ඇතුළු වීම තහනම් කර ඇත.

ජනවාරි 31 දක්වා ව්‍යාපාරික සංචාරකයින් සඳහා එම තහනම අදාළ නොවන බව ද වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *