අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
අද (14) උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තදවැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දකුණු පළාතේ උදෑසන කාලයේදීත් සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 වැඩි තරමක් තදවැසි ද ඇති වීමේ හැකියාව තිබේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
