විදේශීය

ට්‍රම්ප් නැවතත් පරදී – දෝෂාභියෝගය ඉවතට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව පැවැත් වූ දෝෂාභියෝග ඡන්ද විමසීමේ දී ජනපතිවරයා ඡන්ද 232 ට 197 ක් ලෙස පරාජයට පත් වී ඇත.

දෝෂාභියෝග ඡන්ද විමසීමේදී රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඡන්දය භාවිත කර ඇත.

මන්ත්‍රීවරුන් 4 දෙනෙකු තමන්ගේ ඡන්දය භාවිත කිරීමෙන් වැළකී තිබේ.

මෙම දෝෂාභියෝගය ගොනු කෙරුණේ කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන්ට අනුබල දීමේ චෝදනා මතය.

ඒ අනුව එම දෝෂාභියෝගය සෙනෙට් සභාව වෙත යොමු කිරීමට නියමිතව ඇති අතර එළඹෙන 20 වන දා ට්‍රම්ප් ජනපති ධුරයෙන් ඉවත් වූ පසු එම කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතවේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් පසු ධවල මන්දිර ට්විටර් ගිණුමට වීඩියෝපටයක් නිකුත් කර ඇති අතර එහි සිය ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලේ ප්‍රචණ්ඩකාරීව ක්‍රියා කළ ආකාරය තරයේ හෙළා දැක ඇත.

කෙසේ වෙතත් එහි දෝෂාභියෝගය පිළිබඳව ඔහු විසින් කිසිදු සඳහනක් කර නොමැත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *