විදේශීය

ඉන්දුනීසියාවේ භූ කම්පනයක් – තිදෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ සිදුවු භූ කම්පනයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

භූ කම්පනයෙන් පුද්ගලයින් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.2ක් ලෙස දැක්විණි.

මෙම භූ කම්පනය හේතුවෙන් ඉන්දුනිසියාවේ බටහිර සුලවේසි පළාතේ මාමුජු දිස්ත්‍රික්කයට දැඩි බලපෑම් එල්ලවී තිබේ.

නිවාස 70කට අධික ගණනක් විනාශ වි ඇති අතර 2,000කට ආසන්න පිරිසක් අවතැන් වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

අතුරුදන් වී ඇති පුද්ගලයින් සොයා විශේෂ සහන කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් සිදුකරන බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *