දේශීය

බස්නාහිරින් යන්න ගිය තවත් 07කට කොවිඩ්

බස්නාහිර පළාතෙන් පිටතට යමින් සිටි පුද්ගලයින් පිරිසකට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදී කොවිඩ් -19 ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ (14) බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 කදී මෙම පරීක්ෂාවන් සිදුකළ බවයි.

එහිදී පුද්ගලයින් 326 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් 07 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව අදාළ ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් හඳුනාගැනීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *