දේශීය

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 109 දෙනෙකු දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 109 දෙනෙකු අද (15) දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව කටාර් රාජ්‍යයේ රැඳී සිටි 28 දෙනෙකු, ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි 44 දෙනෙකු සහ ජපානයේ රැඳී සිටි 37 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

ජර්මනිය, මාලදිවයින, ඉතාලිය හා බංග්ලාදේශය සිටි පුද්ගලයින් පිරිසක් ද අද මෙරටට පැමිණෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 6,790 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *