ETI හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප
ඊ.ටී.අයි හිටපු අධ්‍යක්ෂවරුන් වන නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අය ඇප මත නිදහස් කර තිබේ.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඇපමත නිදහස් කර ඇති අතර ඇප කොන්දේසි ලෙස එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 5ක ශරීර ඇප දෙකක් බැගින් නියම කර ඇත.
සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇති අතර විදෙස් ගමන් තහනමක් ද ඔවුන්ට පනවා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
