දේශීය

රථවාහන දඩ සහන අදින් අවසන්

කොවිඩ් වෛරස තත්ත්වය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් රථවාහන දඩ ගෙවීමට ලබාදී තිබු සහන කාලය අද (15) සිට අවසන් වේ.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ අද දිනෙන් පසුව වරද කළ දින සිට දින 14ක් දක්වා අතිරේක දඩ මුදල් රහිතව සහ දින 28ක් දක්වා අතිරේක දඩ මුදල් සහිතව අදාළ දඩය තැපැල් සහ උප තැපැල් කාර්යාල වෙත ගෙවිය හැකි බවයි.

කෙසේවෙතත් දින 28 ඉක්මවා ගොස් ඇති කිසිදු දඩ පත්‍රිකාවක් සඳහා අද දිනෙන් පසු තැපැල් හා උප තැපැල් කාර්යාල වෙත ගෙවීම් සිදුකළ නොහැකි බව තැපැල්පතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

නමුත් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි කොළඹ නාගරික රථ වාහන පොලීසිය හා පොලිස් හදිසි ඇමතුම් අංශය මගින් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා සඳහා පෙබරවාරි 08 වන දින දක්වා පමණක් තැපැල් හා උප තැපැල් කාර්යාල වෙත අදාළ ගෙවීම් සිදුකිරීමට අවස්ථාව ලබාදී තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *