දේශීය

සෞඛ්‍ය උපදෙස් කඩකළ ආයතන 213කට නීතිමය පියවර

ඊයේ (15) බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ මෙහෙයුමකදී රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 1,311 ක් පරීක්ෂාවට ලක්කළ බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එහිදී ආයතන 1,098ක් සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් කටයුතු කරන අයුරු නිරීක්ෂණය වූ අතර ආයතන 213ක් සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරමින් සිටි බවයි.

එම ආයතන 213ක පරිපාලකයින්ට නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

මේ අතර බස්නාහිර පළාතෙන් පිටත ඊයේ සිදුකරන ලද මෙහෙයුම්වලින් මුඛ ආවරණ නොමැතිව සිටි 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *