කරාපිටිය රෝහලෙන් බන්ධනාගාර රැඳවියෙකු පලායයි
කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු අද (16) අලුයම පලාගොස් තිබේ.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී ගෙල වැළලාගෙන සියදිවි හානි කිරීමට තැත් කිරීමේදී ඉන් ඔහු මුදාගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කර සිටියදී රැඳවියා පලා ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
වැලිගම ප්‍රදේශයේ පදිංචි මෙම රැඳවියා වසර 05යි මාස 03ක සිරඳඩුවම් නියමව සිටින්නෙකු බව ද චන්දන ඒකනායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
පලාගිය රැඳවියා සොයා විමර්ශන ආරම්භ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
