බොරැල්ල තැපැල් කාර්යාලය යළි විවෘතයි
කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග වසා දමා තිබූ බොරැල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය සහ ඊට අනුබද්ධ තැපැල් කාර්යාල 5ක් අද (16) යළි විවෘත කර තිබේ.
එම තැපැල් කාර්යාලවල සේවකයින්ට සිදුකළ PCR පරික්ෂණවලදී ආසාදිතයින් 07 දෙනෙකු හඳුනා ගත් බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ.
මේ අතර කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හමුවේ වසා දමා තිබූ අම්බලන්තොට තැපැල් කාර්යාලයේ එක් කවුළුවක් ද අද අත්‍යවශ්‍ය සේවා සඳහා විවෘත කර තැබෙන බව නියෝජ්‍ය තැපැල්පතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
