ඇමරිකාවේ සියලු ප්‍රාන්තවල ආරක්ෂාව දැඩි කෙරේ
ඇමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන් දිවුරුම් දිමේ උත්සවය හේතුවෙන් ඇමරිකාව තුළ මේ සති අන්තයේ දී ආයුධ සන්නද්ධ විරෝධතා ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ හේතුවෙන් එරට සියලු ප්‍රාන්ත සහ කොළම්බියා හි ආරක්ෂාව දැඩි කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
වොෂිංටන් ඩීසී අගනුවර ආරක්ෂාව සඳහා ජාතික ආරක්ෂක බලකායේ භටයින් 20,000ක් පමණ යොදවා ඇති අතර ඇතැම් වෙළෙඳසැල් තාවකාලිකව වසා දමා මාර්ග බාධක යොදමින් ආරක්ෂාව පුළුල් කිරීමට ක්‍රියා කර ඇති බව සඳහන් වේ.
ඊයේ (16) වර්ජිනියා ප්‍රදේශයේ දී ගිනි අවිදෙකක් සහ උණ්ඩ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොස් වෙතත් එළඹෙන 20 වන දා ජෝ බයිඩන් ජනාධීපති ධූරයේ දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙන අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ඒසඳහා සහභාගී නොවන බව දැනටමත් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
