දේශීය

උ.පෙළ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ දී නිකුත් වේ – මහාචාර්ය ජී.එල් පීරිස්

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අප්‍රේල් මාසයේ දී නිකුත් කිරීමට කටයුතුකරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කර ඇත.

අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එම විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල වරම් ලබන සිසුන් එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට විශ්වවිද්යාලවලට ඇතුළත් කරගැනීමට ද පියවරගන්නා බවයි.

එසේම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ දී පැවැත්වීමට සියලු කටයුතු සැලසුම්කර ඇති අතර එම විභාගයේ ප්‍රතිඵල ද ජුනි මාසය වනවිට නිකුත් කිරීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.

කොවිඩ් වෛරසය හේතුවෙන් තවදුරටත් පාසල් ආරම්භ කර නොමැති බස්නාහිර පළාතේ පාසල්වල, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා එළැඹෙන 25 වැනිදා අධ්‍යන කටයුතු ආරම්භ කරන බවද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *