ගෝලීය නවතම තතු COVID
කොවිඩ් වෛරසයට ගොදුරු වූ ගෝලීය සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 94,961,696 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් පුද්ගලයින් 67,778,429 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර, කොවිඩ් වෛරසය හේතුවෙන් මරණ 2,031,129 ක් වාර්තා වී ඇත.
වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තාවන රට ලෙස තවදුරටත් ඉදිරියෙන් සිටින්නේ ඇමරිකාවයි. මේ වන විට ඇමරිකාවෙන් වෛරස ආසාදිතයින් 24,306,043 ක් හා කොවිඩ් මරණ405,261 ක් වාර්තා වී ඇත.
මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 52,313 ක් වේ.
මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 44,746 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් ආසාදිතයින් 7,311 ක් රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
ඊයේ (16) වාර්තා වූ කොවිඩ් මරණයත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 256 ක් දක්වා ඉහළ ගොස් ඇත.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.