හෙරොයින් තොගයක් හා ලක්ෂ 06 කට අධික මුදල් සමග කාන්තාවක් අත්අඩංගුවට
බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් තොගයක් හා රුපියල් ලක්ෂ 06 කට අධික මුදල් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
වැටලීම සිදු කළ නිවසේ අල්මාරියක් තුළ සඟවා තිබු හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 638ක් හා රුපියල් හය ලක්ෂ දසදහසක (610,000) මුදල් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කර තිබේ.
සිද්ධියට අදාළ සැකකාරිය තවදුරටත් විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
