බස්නාහිරෙන් පිටවීමට ගිය පුද්ගලයින් 103 කට කොවිඩ්
දෙසැම්බර් 21 වනදා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලින් කොවිඩ් වෛරස ආසාදිතයින් 103 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක දී මෙම පරීක්ෂණ සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහක් කළේ පුද්ගලයින් 10,926 දෙනෙකුගේ සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණ හෝ PCR පරීක්ෂණ වලින් මෙම ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
