විදුලි බිල්පත් ගෙවීමට සහනයක්
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වු විදුලි පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව දින 14 අඛණ්ඩව වසා දමා තිබු ප්‍රදේශවල ගෘහස්ථ,වානිජ හා කාර්මික විදුලි පාරිභෝගිකයින්ට එම කාලසිමාවට අදාළව විදුලි බිල්පත් ගෙවිම සඳහා එම බිල්පත් දින සිට මාස 06 ක සහන කාලයක් ලබා දීමටත් එහෙත් විදුලිය විසනධි නොකිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර ඇත.
එසේම ,ජාතික චිත්‍රපට සංස්ථාවට අයත් සිනමා ශාලාවන් සඳහා 2020 මාර්තු මස සිට දෙසැම්බර් මස දක්වා වාරික 12 කින් ගෙවීම් අවසන් කිරීම සඳහා ද ඉඩ සළසා දීමටත්, එම සිනමා ශාලාවල විදුලිය විසන්ධි නොකිරීමට ද කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නවාතැන්පළවලට අදාළව 2020 මාර්තු 01 දින සිට 2021 පෙබරවාරි මස 28 දින තෙක් එකතු වී ඇති විදුලි බිල්පත් සඳහා එම දින සිට සමාන වාරික 12 ගෙනවිම සඳහා අවස්ථාවත්,එතෙක් අදාළ සැපයුම් විසන්ධි නොකිරිමට ද තිරණය කර තිබේ.
අද(19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.