MCC ගිවිසුම මෙරට ව්‍යවස්ථාවට පටහැනි – නීතිපති
ඇමරිකාව සමග අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC ගිවිසුමේ අඩංගු කරුණු මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා සඳහන් කර ඇත.
නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට ඒ සම්බන්ධයෙන් කරුණු දැන්වූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
පසුගිය දෙසැම්බරයේ අමෙරිකාව විසින් MCC එකඟතාව යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූණු අමෙරිකානු ඩොලර් මිලියන 480ක දීමනාව අත්හිටුවීමට තීරණය කෙරුණු.
පස් අවුරුදු සැලැස්මක් යටතේ ශ්‍රී ලංකාව සමග ඇති කරගත් එකඟතාවක් මත මෙරට ක්ෂේත්‍ර කිහිපයක යටිතල පහසුකම් දියුණු කිරීමේ කටයුතු සඳහා එම මුදල් පිරිනැමීමට ඇමරිකාව තීරණය කර තිබුණි.
නමුත් පසුගිය මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවකට අනුව එම ගිවිසුම සමාලෝචනයකින් තොරව අත්සන් නොකරන බවට රජය තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කමිටුවක් ද පත්කර කරන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
