විදෙස්ගතව සිටි තවත් පිරිසක් දිවයිනට
ඊයේ (18) රාත්‍රීයේ කුවෙට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 297 දෙනෙක් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
මෙලෙස මෙරටට පැමිණි සියලු දෙනා කටුනායක ගුවන්තොටුපොළේ පිහිටි වෛද්‍ය රසායනාගාරයන් තුළින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් පසුව නිරෝධායන ක්‍රියාවලිය සඳහා රජයේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කටයුතු කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
