අතුරුදහන්ව සිටි ජැක් මා අද වීඩියෝ තාක්ෂණය හරහා මත්වේ
චීනයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙක් වන ජැක් මා සති කිහිපයකට පසුව පළමුවරට සමාජය හමුවේ අද (20) පෙනී සිට ඇත.
අලිබාබා සමුහයේ ප්‍රධානියා වන මොහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ ග්‍රාමීය ගුරුවරුන් 100 දෙනෙක් සමග අද අදහස් හුවමාරු කර ගෙන ඇති බව වාර්තා වේ.
වසංගතය අවසන් වූ පසු අපි යළි හමු වෙමු යනුවෙන් ඔහු එම ඇමතුම මගින් පවසා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඔහු කුමන ස්ථානයක සිට අද දින පැවති වීඩියෝ සාකච්ඡාව සඳහා සහභාගී වූයේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
